අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Share

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

 

ඇතැම් ස්ථානවලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තුවිය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සදහන් කර තිබේ.

Read more

Local News