මැදපෙරදිග රටවල් 3ක සිටි ශ්‍රී ලාංකිකයන් 71 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
ඕමාන්, ඩුබායි, කටාර් රාජ්‍යයේ සිට ගුවන් යානා 3කින් මෙම පිරිස පැමිණ ඇති බව වාර්තා වේ.
ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු, ඩුබායි සිට 35 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට 17 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.