දකුණු කොරියා ජනාධිපතිවරයාට උතුරු කොරියාවේ සංචාරය කරන ලෙසට උතුරු කොරියා නායක කිම් ජොන්ග්-අන් විසින් සිය අතින් ලියන ලද ආරාධනා පත්‍රය සෝල් නුවර ජනපති නිල නිවසේදී ජනපති මූන් ජේ-ඉන් වෙත බාර දෙනු ලැබීය. ඒ උතුරු කොරියා නායකයගේ නැගණිය කිම් යෝ-ජොන්ග් විසිනි.
උතුරු කොරියා නායක කිම් ජොන්ග් – අන් ගේ සොයුරිය දකුණු කොරියාවේ ප්යෝන්ග්චැන්ග් හිදී ආරම්භ වූ ශීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා උතුරු කොරියාවේ ඉහළ මට්ටමේ නියෝජිතයින් පිරිසක් ද සමග දකුණු කොරියාවට පැමිණියාය.
කිම් යෝ-ජොන්ග් ගේ මෙම චාරිකාව, දෙරට අතර 1950 දශකයේදී ඇති වූ යුද්ධයෙන් පසුව දකුණු කොරියාවට කෙරුණ ඉහළම පෙළේ රාජ්‍යතාන්ත්‍රික සංචාරය ලෙස සැලකේ.