ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ 150 වැනි ජන්ම සංවත්සර නිමිත්තෙන් අද දින පෙ.ව 10.00 ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාර උළෙල පැවැත්වෙයි.
ශ්‍රීමත් ඩී.බී ජයතිලක මැතිතුමා ශ්‍රී ලාංකීය සමාජය වෙත අප්‍රමාණ වූ විශිෂ්ඨ සේවාවක් කළ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙකි, වියත් ලේඛකයෙකි. ලාංකිය සමාජ, සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ශක්තිමත් පදනමක් තැනීම උදෙසා ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන් කටයුතු කළේ ය.
බෞද්ධ කටයුතු වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදු කළ අතර එතුමාගේ සේවාව ගැන පැහැදුණ එංගලන්ත රජු 1932 දී මොහු ‘නයිට්’ නාමයෙන් පිදීය. බුදුදහම, සිංහල, පාලි සංස්කෘත හා ඉතිහාසය පිළිබඳව අධ්‍යාපනය ලබාගත් මහාවිද්වතෙකු ලෙස ද ඩී.බී.ජයතිලක මැතිදුන් හඳුන්වාදිය හැකිය.