ජ්‍යාමිතිය සම්බන්ධව ගණිත ගුරුවරුන්ගේ හා විෂය හදාරන සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් කතිකාවක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සංවිධාන කර ඇත.
මෙම අධ්‍යාපන සංවර්ධන කතිකාව හෙට (14) පෙරවරු 9.00 සිට කොළඹ හත ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතයි.
තර්කානුකූලව සිතීම, විද්‍යාත්මකව දැකීම සහ ගැටලු විසඳීමේ කුසලතා සංවර්ධනය කිරීමට ගණිත විෂය තුළ අන්තර්ගත ජ්‍යාමිතිය ඉවහල් වේ. නමුත් පසුගිය වසර කිහිපයක සිට අපොස සා.පෙළ ගණිත විෂය ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතිය ආශ්‍රිත ගැටලුවලට පිළිතුරු සැපයීමට තෝරා ගැනීම ඉතා අවම මට්ටමක පැවති බව විභාග දෙපාර්තමේන්තු ඇගයීම් වාර්තා පෙන්වා දෙයි.