නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඩුබායි සිට ගෙන ආ දුම්වැටි තොගයක් අද (13) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අැත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඩුබායි හි සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවකයින් තිදෙනෙකි.
ඔවුන්ගේ ගමන් මලු වල විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි කාටූන් 159 ක් සහ පැකට් 462 ක් තිබී ඇත.