Home දේශීය පුවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකල්ප යෝජනා අගමැතිට භාර දෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකල්ප යෝජනා අගමැතිට භාර දෙයි

0
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකල්ප යෝජනා අගමැතිට භාර දෙයි

බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නියෝජනය කරමින් අද(16) දිනයේ විජේරාම අගමැති නිල නිවසේ දී මෙම ග්‍රන්ථය පිළිගැන්වීම සිදු කෙරිණි.

 

මෙම ග්‍රන්ථය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ, ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය, නීතිය, රාජ්‍ය පාලනය, ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති අනුකමිටුව සම්පාදනය කර තිබේ.

පූජ්‍ය වජිරාරාමාවාසී ඤාණසීහ හිමි හා ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න, ආචාර්ය පාලිත කොහොන, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්, රංජිත් තෙන්නකෝන්, ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ යන මහත්වරුන්ගෙන් මෙම අනුකමිටුව සමන්විත විය.

මේ අවස්ථාව සඳහා  බුද්ධශාසන කාර්යසාධන මණ්ඩලයේ සභාපති, ආනන්ද මහා විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ආචාර්ය දිවියාගහ යසස්සි හිමි, ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ සහ නීතිය රාජ්‍ය පාලනය ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති අනුකමිටුවේ සභාපති පූජ්‍ය වජිරාරාමාවාසී ඤාණසීහ හිමි, මාලිගාකන්ද විද්‍යෝදය පරිවේනාධිපති බලංගොඩ සෝභිත හිමි සහ බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, නියෝජ්‍ය සභාපති, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ යන මහත්වරු එක්ව සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here