මෙරට කොරෝනා රෝගීන් ගණන 17,674 ක් දක්වා ඉහළට

Share

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,674 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

 

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 382 දෙනෙකු හඳුනා ගෙන ඇත.

ඔවුන් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව පෑලියගොඩ සහ දිවුලපිටිය කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,170 කි.

වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5810 ක්.

ඊයේ දිනයේ කොරොනා ආසාදිතයින් 311ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11806 කි

මේ වන විට මෙරටින් වාර්තාවන කොරොනා මරණ සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News