බෝගම්බර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කළ රැඳවියන් අතරින් අයෙක් මරුට

Share

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් 5ක් ඊයේ රාත්‍රියේ එහි තාප්පයෙන් පැන පලා යාමට උත්සහ දරා තිබෙන බව වාර්තා වෙයි.

 

පලා යාමට තැත් කළ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අවම බලය යොදා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

එහිදී එක් රැඳවියෙකු මියගිය අතර තවත් තිදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් අයෙකු පලා ගොස් ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේය.

Read more

Local News