වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවත් වුයේ සිය කැමැත්තෙන් : සෞඛ්‍ය අමාත්‍යවරිය

Share

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් වුයේ සිය කැමැත්තෙන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී සදහන් කළාය.

 

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් තනතුර පුරප්පාඩු වී සිටිය අවස්ථාවේදී බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

මේ වන විට නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු පත් කොට තිබෙන නිසා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය කැමැත්තෙන්ම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වූ බව අමාත්‍යවරිය පාර්ලිමේන්තුව හමුවේ සදහන් කළාය.

Read more

Local News