මලාපවහන පද්ධතිය තුළත් කොවිඩ් වෙෙරසය පවතින්න පුළුවන් : වෛද්‍ය සුදත් සමරවීර

Share

මෙරට කොරෝනා වෙෙරස තත්ත්වය තවදුරටත් පවතින හෙයින් ජනතාව හැකිතාක් සෞඛ්‍ය උපදෙස් වලට අවනත වි කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

 

ඒ මහතා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ “විශේෂයෙන් මලාපවහන පද්ධතිය තුළ මෙම වෛරසය තියෙනවා කියන එක මීට කලින් ඉඳන්ම වෛද්‍ය ප්‍රජාව දන්නවා. ඒ වගේම තමයි පුද්ගලයන් විසින් පිටකරන මෙම දේ යම්කිසි විදිහකින් ජල පද්ධතිවලට එකතුවීමේ හැකියාවක් තියෙනවා. ඒ තුළින් ඒ තැන්වල වෛරසය හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. මේ වෛරසය හැසිරීම පිළිබඳව තවමත් තියෙන්නේ අධ්‍යයන මට්ටමේ. ඉතින් අද මේ කියන කාරණා හෙට සමහරවිට වෙනස් වෙන්න පුළුවන් අලුත් සාධකත් එක්ක,” බවයි.

මේ අතර කොරෝනා වෙෙරසය අසාදනය වී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට භාවිතයට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ ”ඊයේ දවස තුළදී ප්‍රතිදේහ ජනක කඩිනම් පරීක්ෂණ කට්ටල එහෙම නැත්නම් ඇන්ටිජන් බේස් රැපිඩ් ඩයෝග්නස් ටෙස්ට් යන පරීක්ෂාව සිදු කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවශ්‍ය නිර්දේශ ලබා දුන්නා අනුමැතිය ලබාදුන්නා එය අද සිට හඳුනාගත් කණ්ඩායම් සඳහා මෙය පාවිච්චි කරනවා. ඒවගේම ප්‍රතිඵල විනාඩි 30 ක් වගේ කාලයක් තුළදී අපිට ලබාගන්න පුළුවන්” බවයි

Read more

Local News