මෙරට බන්ධනාගාර තුළ සිදුවූ සිදුවීම් ගැන සොයන්න අමාත්‍යාංශයෙන් කමිටුවක් පත් කිරිමට උපදෙස්

Share

මෙරට බන්ධනාගාර තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් සිදුකිරීමට වහාම කමිටුවක් පත්කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අමාත්‍යංශ ලේකම් ගීතාමනී කරුණාරත්න වෙත උපදෙස් ලබාදී තිබේ.

 

ඒ අනුව අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් තිදෙනෙකුට නොඅඩු කමිටුවක් පත්කිරීමට නියමිතය.

මොණරාගල බන්ධනාගාරයේ රැදවියෙකු මියයෑම, මාතර බන්ධනාගාරයේ රැදවියෙකුට පහරදීම, බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් පලායෑම සහ රැදවියෙකු මියයෑම, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරයේ රැදවියන් උද්ඝෝෂණය කිරීම ඇතුලු සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ සිදුකිරීමට මෙම කමිටුවට පැවරී ඇති අතර එම කමිටුවේ වාර්ථාව සති 03ක් ඇතුළත අමාත්‍යාවරිය වෙත ලබාදීමට කටයුතු කලයුතු වන අතර මෙරට බන්ධනාගාර පද්ධතිය මැන්ඩෙලා රීතීන් ගරුකරමින් පාලනය වන බන්ධනාගාර වන බැවින් උක්ත සිදුවීම් බන්ධනාගාර තුළ සිදුවීම පිළිබදව සාධාරණ පරික්ෂණයක් පවත්වා යම් අයෙකු අතින් වරදක් සිදුවී ඇත්නම් ඒ පිළිබදව විනයානුකූලවත් නීත්‍යානුකූලවත් කටයුතු කිරීමට අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදී තිබේ.

Read more

Local News