දුම්රිය තිරිංග පද්ධතිවල පවතින දෝෂ පිළිබඳ සාකච්ඡාවක්

දුම්රිය තිරිංග පද්ධතිවල පවතින දෝෂ ඇතුළු ගැටළු කිහිපයක් පිළිබඳ අද දිනයේ ප්‍රධාන ඉංජිනේරු බලවරයා සමඟ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

දුම්රිය එංජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ සාකච්ඡාවෙන් අනතුරුව තම සංගමයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින්ද එක්වී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

අනතුරුව සියල්ල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ස්ථිර විසදුමකට පැමිණිමට නියමිත බව ද සදහන් වෙයි.

Exit mobile version