කෝප් කමිටුවේ කටයුතු හෙට සිට නැවත ආරම්භ කරයි

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ කටයුතු හෙට(20) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත.

 

එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කියා සිටියේ, කොවිඩ් නයින්ටීන් රෙගුලාසිවලට අනුකූලව හෙට දිනයේ සිට කෝප් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.

හෙට කෝප් කමිටුව සදහා මාර්ග සංවර්ධන අධිකාරිය, මහාමාර්ග අමාත්‍යංශයේ සහ අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ නිළධාරීන් කැඳවීමට නියමිතව බව සඳහන්.

Exit mobile version