අදත් සවස 2න් පසු ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Share

බස්නාහිරවයඹමධ්‍යමසබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි

 

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

උතුර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News