රෝහලෙන් පැනගිය දෙදෙනාගෙන් කොවිඩ් ආසාදිත දරුවා සොයා ගැනේ : මව සොයා මෙහෙයුම්

ඊයේ(19) රාත්‍රියේ IDH රෝහලෙන් මව සමග පැනගිය පුත්‍රයා මේ වනවිට ඇහැලියගොඩ ප්‍රදේශයේ දී සොයා ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

 

අදාළ මව ඊයේ රාත්‍රීයේම පුත්‍රයා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාති නිවසකට භාර දී එම ස්ථානයෙන්ද පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

එම කාන්තාව මහාපරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බවත් පළාගිය කාන්තාව සොයා මේ වන විට පොලීසිය විසින් මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පොලිසිය සදහන් කළේය.

මේ වන විට පුත්‍රයා පොලිස් භාරයට ගෙන ඇති අතර අදාල දරුවා සෞඛ්‍ය නිලධාරී කාර්යාලය හරහා යළිත් අයි.ඩී.එච් රෝහල වෙත භාරදීමට අවශ්‍ය කටයුතු කරමින් සිටි.

.

Exit mobile version