අදත් සවස 2න් පසු ප්‍රදේශ කිහිපයකට තද වැසි

Share

බස්නාහිර, මධ්‍යමසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් සිහින් වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News