පුද්ගලික අංශයේ කම්කරුවන්ගෙන් ලැබෙන පැමිණිලිවලට කඩිනම් විසඳුම්

Share

පුද්ගලික අංශයේ කම්කරුවන්ගෙන් ලැබෙන පැමිණිලිවලට කඩිනම් විසඳුම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව කම්කරු දෙපාර්තමේන්තුව සදහන් කළේය.

 

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් පැමිණිලි විමර්ශනය කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ හාම්පුතුන්ට කම්කරු දෙපාර්තමේන්තුව විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News