IDH රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිත කත සොයා ගැනේ

Share

කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය පුත්‍රයා සමග පළාගිය කාන්තාව ඊයේ රාත්‍රියේ ඇහැළියගොඩ , හිඳුරංගල කැලෑබඳ ප්‍රදේශයක සිටියදී සොයා ගෙන තිබේ.

 

මේ වනවිට එම කාන්තාව ගල්ලෑව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

එම කාන්තාව හෙරොයින් මිලිග්‍රෑම් 1,500 ක් සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අයෙක් වන අතර සිය අවුරුදු දෙක හමාරක දරුවා ද සමග ඇයව යොමු කර තිබුණේ කුරුවිට බන්ධනාගාරයටයි.

එහිදී කළ PCR පරීක්ෂණයේදී ඔවුන් දෙදෙනා කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වීමත් සමග IDH රෝහලට යොමු කර තිබූ බව පොලීසිය සඳහන් කළේ ය.

අදාළ කාන්තාව ඇහැළියගොඩ – පරණ දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තැනැත්තියක් ය.

ඇය IDH රෝහලේ සිට ඇහැලියගොඩ පිහිටි ඇගේ ඥාති නිවසකට ගොස් නිවැසියන්ට දරුවා භාර දී පලා ගොස් තිබුණි.

මේ වනවිට එම නිවසේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර තිබේ.

Read more

Local News