අද උදෑසන හුදකලා තත්ත්වය ඉවත් කළ ප්‍රදේශ

Share

පොලිස් වසම් කිහිපයක් හුදකලා තත්ත්වය ඉවත් කර තිබේ.

 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය යන පොලිස් වසම්වල අද උදෑසන 5.00 සිට හුදෙකලා තත්ත්වය ඉවත් කෙරුණි.

බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල සහ කොම්පඤ්ඤ වීදියේ වෑකන්ද යන ග්‍රාම නිලධාරී වසම්වලට නැවත දැනුම් දෙනතුරු හුදකලා තත්ත්වය ක්‍රියාත්මකයි.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ

මට්ටක්කුලිය
මෝදර
බ්ලූමැන්ඩල්
කොටහේන
ග්‍රෑන්ඩ්පාස්
වෙරළබඩ
ආදුරුප්පු වීදිය
මාලිගාවත්ත
දෙමටගොඩ
කෙසෙල් වත්ත
මරදාන
පිටකොටුව
වේල්ල වීදිය

යන පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වය ක්‍රියාත්මකයි.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල සහ කඩවත යන පොලිස් වසම් ද අද උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණි.

කෙසේ වෙතත් මීගමුව, රාගම, වත්තල, පැලියගොඩ හා කැලණිය යන පොලිස් වසම් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින අතර කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කෙරුණි.

එම ප්‍රදේශ පහතින්

බෝගහවත්ත ග්‍රාම නිලධාරී වසම
බමුණුමුල්ල (මුස්ලිම්) ග්‍රාම නිලධාරී වසම
කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම
කෝරාවල ග්‍රාම නිලධාරී වසම
අටළුගම බටහිර ග්‍රාම නිලධාරී වසම
බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ
ගලගහමණ්ඩිය ග්‍රාම නිලධාරී වසම

Read more

Local News