ඊයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ කොළඹින්

Share

ඊයේ(22) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 400ක් හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

 

ඉන් පුද්ගලයින් 391ක් දේශීයව හඳුනාගත් අතර අනෙක් 9 විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයින් බව වාර්තා වෙයි.

ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 121කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 112ක් හා මහනුවරින් ආසාදිතයින් 27ක් හඳුනාගෙන තිබෙන අතර මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 16,639ක් දක්වා ඉහළ ගොස් තිබේ

ඊයේ දිනයේ දී මෙරට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 12,095කි.

Read more

Local News