ඊයේ මෙරට්න් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 458ක්

අද(25) දින උදෑසන වන විට මෙරට්න් කොරෝනා රෝගීන් 458ක් හදුනාගෙන තිබේ.

 

ඔවුන් සියලු දෙනා දේශියව හදුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. අදාල රෝගීන් අතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 259 ක් ද කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23 ක් වාර්තා වෙයි.

ම්නුවන්ගොඩ කම්හලේ පොකුර – 3059

කොළඹ මාළු වෙළදපොලේ පොකුර – 14373

ඊයේ දිනය වන විට මෙරට තුල වෙෙරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් ගණන 20965 ක් වන අතර 14961 ක් පුර්ණ සුවයලබා රෝහල් වලින් බැහැරව ගොස් තිබේ. ඊයේ වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5910 ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුළ පුද්ගලයින් 4797ක් නිරෝධායනය වෙම්න් සිටියි.

මේ අතර ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 7467ක් සිදුකර ඇත.

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සිදුව ඇති කොවිඩ් මරණ ගණන 94ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version