ජනපති, රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නා හිමි බැහැදකී (ඡායාරූප)

Share

අද(27) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැදැකීමට උන්වහන්සේ වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත ගොස් තිබේ.

 

ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදු වන සේවය අගය කළ ජනාධිපතිතුමා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත්, රජයේත් පූර්ණ සහය ලැබෙන බව එහිදි සඳහන් කළේය.

මහානායක හිමියන්ට චිර ජීවනය ප්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා විශේෂ සටහනක් සමග සමරු සටහන් පොතේ අත්සන් තැබු අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමි ඇතුළු මහා සංඝරත්නය කිහිප නමක් මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

 

 

Read more

Local News