මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති මහරගම සමීර නොහොත් නාවුරුන්න ආචාරිගේ රුක්ෂාන් සමීර මදුෂංක නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ කණ්ඩායමක් විසින් ඊයේ (27) සිදුකළ වැටලීමකදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 35ක් වන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සහ තවත් ආයුධ කිහිපයක් සොයාගෙන තිබේ.

Read more

Local News