සාමාන්‍ය පෙළ විභාගය ගැන අධ්‍යාපන ඇමති කියන දේ

සති දෙකක් ඇතුළත දිවයිනේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ තීරණයක් ගන්නා බව, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

පාර්ලිමේන්තුවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, කොවිඩ් වසංගතය හමුවේ, විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ දායකත්වය ඇගයීමට ලක්කර ඇති බවයි.

දැනට සැලසුම් කර ඇත්තේ, සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 සිට 27 දක්වා පැවැත්වීමටයි.

Exit mobile version