යහපාලන ප්‍රතිපත්තිය ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා – අඩුපාඩු හදාගෙන ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා

Share

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසුවේ,

ආණ්ඩුවේ තිබෙන අඩුපාඩු සාදාගෙන ඉදිරියට යාමට මෙවර මැතිවරණයෙන් ජනතාව පණිවුඩයක් ලබා දුන් බවත්, ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කර නැති බවත් ය.

ජාතික රජයේ යහපාලනය ප්‍රතිපත්තිය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ ඒ මහතා යහපාලන ආණ්ඩුව මීටත් වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බව ද පෙන්වා දුන්නේය.

Read more

Local News