2020 වනවිට මත්ස්‍ය අඟිල්ලන් මිලියන 150ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි

Share

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ වසර 2020 වනවිට නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත මත්ස්‍ය අඟිල්ලන් සංඛ්‍යාව මිලියන 150ක් බවයි.

වගා පාදක ධීවර කර්මාන්තය නැංවීමේහි ලා මත්ස්‍ය බීජ නිෂ්පාදනය සඳහා ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් දියුණු කර ඇත.

ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකරිය සතු ඉහළ ධාරිතාවයකින් යුත් දඹුල්ල, ඉඟිණියාගල, උඩවලව, කලාවැව, ඉරණමඩු, හා මුරුතවෙල යන මිරිදිය අභිජනන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර 2017 වසරේ දී
උඩවලව නව මධ්‍යස්ථානය ඉදිකර ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම දඹුල්ල, ඉගිණියාගල, උඩවලව හා කලාවැව යන ජලජීවී මධ්‍යස්ථනවල මත්ස්‍ය බීජ නිශ්පාදනය ඉහළ නැංවීම සඳහා මත්ස්‍ය අභිජනනාගාර වැඩිදියුණු කිරීම, පොකුණු සංඛ්‍යාව වැඩි කිරීම හා වැඩිදියුණු කිරීම සිදු කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 2017 ප්‍රගති වාර්තාව පෙන්වා දෙයි.

Read more

Local News