බුරවි දිවයිනෙන් තවදුරටත් ඉවතට

Share

“බුරවි” සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර එය අද (දෙසැම්බර් 04 ) පෙ.ව 02.30 වන විට මන්නාරමට කි.මී. 143 ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

උතුරු, උතුරු මැද සහ වයඹපළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ වයඹපළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැ.කි.මි.(40-50පමණ දක්වා වන සුළං ඇති විය හැක.

Read more

Local News