විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර

Share

2018 වර්ෂයේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මනා අවකාශයක් සැලසෙන පරිදි හා ඔවුන් විසින් හදාරනු ලබන පාඨමාලාවලට උචිත වන පරිදි විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් වී ඇත.

එම ප්‍රතිපාදන භාවිත කරමින්, පහත සඳහන් යටිතල සංවර්ධන පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ, වවුනියාව මණ්ඩපයේ පුස්තකාලය සහ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සඳහා තෙමහල් ගොඩනැඟිලි 02ක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ.

තවද රුහුණ විශ්වවිද්‍යාලයේ, තාක්ෂණවේදය පීඨය සඳහා තෙමහල් දේශන ශාලා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, අනුරාධපුර, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල නිල නිවාස ඉදි කිරීම සිදු වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා සිව්මහල් ‍ගොඩනැඟිල්ලක් ඉදි කිරීම මේ අතර වේ.

Read more

Local News