ඊයෙත් වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹින්

Share

ඊයේ (03) දිනයේදී නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 628 දෙනෙකු හඳුනාගැණුනු අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් වෙයි.

 

මෙරට කොරෝනා රෝගීන් ගණන 26038 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 402කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද වාර්තා වී තිබුණි.

ඊයේ කොරෝනා ආසාදිතයින් 627ක් වාර්තා වු අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොරොනා පොකුරේ ආශ්‍රිතයින්ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවුලපිටිය සහ පෑලියගොඩ කොරොනා පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 22,488 ක් බවයි.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6877කි.

කොරෝනා ආසාදිතයින් 728ක් ඊයේ සුවය ලැබූ අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 19032 කි .

මෙරට කොරෝනා ආසාදනයවීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News