රත්මලාන ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීමේ දීර්ඝකාලීන සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය

Share

රත්මලාන ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති, 2018 වර්ෂයේ සිට 2030 වර්ෂය දක්වා ක්‍රියාත්මක කෙරෙන උපායමාර්ගික සැලසුම් ඇතුළත් ‘Way to 2030’ දීර්ඝකාලීන සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන රත්මලාන ගුවන්තොටුපළ 1969 වර්ෂය දක්වා මෙරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වශයෙන් ක්‍රියාත්මක විය.

ප්‍රධාන වාණිජ නගරය වන කොළඹට ඉතා ආසන්නයෙන්, සියලු ප්‍රධාන මාර්ගයන්ට ප්‍රවේශය සහිතව පිහිටා ඇති මෙම ගුවන්තොටුපළ මඟින් වර්තමානයේ දෛනිකව දේශීය ගුවන් ගමන් 70ක් පමණ සිදු කරනු ලැබේ. පුහුණු ගුවන්යානා හා ජාත්‍යන්තර වෙළඳ ගුවන්යානා සැපයීම, විශේෂ සහ ප්‍රභූ ගුවන් ගමන් සූදානම්/පිළියෙල කිරීම, ජාතික ව්‍යසන අවස්ථාවන්හි මානුෂීය ආධාර සැපයීම ආදි මෙහෙයුම් කටයුතු මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම්ද මෙම ගුවන්තොටුපළෙහි ක්‍රියාත්මක වේ.

එහි සිදු කෙරෙන ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, ඊ‍ට සරිලන පරිදි සහ කොළඹ නගරය කේන්ද්‍ර කරගත් සංවර්ධන ව්‍යාපෘති සැලකිල්ලට ගනිමින් මෙම ගුවන්තොටුපළේ ධාරිතාව වැඩිදියුණු කළ යුතුව තිබේ.

Read more

Local News