ජනපති සහ අගමැතිගෙන් විශේෂ ප්‍රකාශ 02ක් අද

Share

ජනාධිපති මෙ‍ෙත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද විශේෂ ප්‍රකාශ දෙකක් නිකුත් කිරීමට නියමිතයි.

ජාතික ආණ්ඩුවේ ඉදිරිවැඩ පිලිවෙළ සම්බන්ධයෙන් සහ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ප්‍රකාශයන් නිකුත් කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු කෙරෙන පළමු විශේෂ ප්‍රකාශයන් දෙක මෙය වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 04.00ට අරලියගහ මන්දිරයේ සිට එම ප්‍රකාශය මාධ්‍ය හමුවේ සිදුකරනු ඇත.

Read more

Local News