කෘත්‍රිම ලෙස සකස් කෙරුණු ආහාරවල පිළිකා අවදානම ඉහළයි

Share

කෘත්‍රිම ලෙස සකස් කෙරුණු ආහාර සහ පිළිකා අතර සම්බන්ධයක් ඇතැයි ප්‍රංශ පර්යේෂකයන් අනාවරණය කර තිබේ.

මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන පාන්, මාංශමය ආහාර, කේක් වර්ග ආදිය මගින් පිළිකා ඇති කෙරෙන බව මෙම පර්යේෂණ කණ්ඩායම පෙන්වා දී ඇත.

පුද්ගලයන් එක්ලක්ෂ පන්දහසක් පමණ සහභාගී කරගනිමින් පර්යේෂණය සිදු කර අැත.

අධික ලෙස පිරිසැකසුම් කරන ලද කෘත්‍රිම ආහාර ලබා ගත් පුද්ගලයන්ට පිළිකා අවදානම ඉහළ බවයි නිරීක්ෂණය කිරීමට හැකි වී අැත්තේ.

Read more

Local News