මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට රුපියල් මිලියන 327ක කෘතිම ධාවන පථයක්

Share

නවීකරණය කරන ලද මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට රුපියල් මිලියන 327ක් වැය කරමින් මීටර් 400 කෘතිම ධාවන පථයක් එක්කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
ඒ අනුව මෙම කෘතිම ධාවන පථයේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ දී නිමා කිරීමට ද සැලසුම් කොට ඇත.
බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය මාතලේ දිස්ත්‍රික්කයේ දැනට පවතින විශාලතම ක්‍රීඩාංගණය වේ.
මෙම ක්‍රීඩාංගණය අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර, බදුල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා යොදා ගැනේ.

Read more

Local News