අවසාන විස්සයි20 තරඟය හෙට – එක්වන්න සියත සමඟ

Share

බංග්ලාදේශයේ වැඩිම විස්සයි20 මුළු ලකුණු ප්‍රමාණය ආයාසයකින් තොරව අබිබවා යමින් පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ සාර්ථක 2018 බංග්ලාදේශ සංචාරය තවත් ජයග්‍රහණයකින් අවසන් කිරීමේ අරමුණින් යුතුව හෙට (18) දෙවැනි හා අවසාන ජාත්‍යන්තර විස්සයි20 තරගයට පිවිසෙයි.

පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය ඔවුන්ගේ ඉහළම විස්සයි20 මුළු ලකුණු සංඛ්‍යාව වන කඩුලු 5කට ලකුණු 193ක් වාර්තා කළ අතර ශ්‍රී ලංකාව කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 194ක් රැස්කර ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

මෙය ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ ශ්‍රී ලංකාව වාර්තා කළ වැඩිම මුළු ලකුණු හඹා යාම වෙයි.

 

ඒ අනුව දෙවැනි හා අවසාන ජාත්‍යන්තර විස්සයි20 තරඟයේ පන්දුවෙන් පන්දුවට සජිවී අත්දැකීම ලබා ගැනීමට සියත ටිවී සමඟින් හෙට (18) සවස 04.30 සිට එක්වන්න.

Read more

Local News