ජනපතිට හා අගමැතිට මල්වතු මහා නාහිමිගෙන් ලිපියක්

Share

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ රටේ උද්ගත වෙමින් තිබෙන ව්‍යාකූල, අස්ථාවර, අවිනිශ්චිත ස්භාවය ජනතා අභිවෘද්ධිය හා යහපැවැත්ම මෙන්ම සමඟිය, සමාදානය හා සහජීවිනයට බලවත් බාධාවක් බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ජනපති හා අගමැති වෙත ලිඛිතව දැනුම් දෙති.

මෙම තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමුකොට දැන් හෝ 2015 ජනපතිරණයේදී හා මහ මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අනලස්ව කටයුතු කළ යුතුව තිබෙන බවත් ගම්දනව්වල ගොවි, කම්කරු හා මධ්‍යම පාන්තික ජනතාවගේ ජීවන බර හා ගැටලු විසඳීමට කටයුතු කිරීම වැදගත් බවත් මහනාහිමියෝ එම ලිපියේ සඳහන් කර ඇත.

ජාතික, ආගමික, සංස්කෘතික හා ආර්ථික අභිවර්ධනය මෙන්ම සාමය, සමාදානය ඇති කිරීම කෙරහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුව ඇතැයිද උන්වහන්සේ අවධාරණය කරයි.

Read more

Local News