අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිවීම වළක්වන රජය ප්‍රතිපත්තියට අනුකූලව බලශක්ති අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වාහන රැසක් විකුණා දමන ලෙස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයගොඩි මහතාගේ උපදෙස්වලට අනුව විවිධ වර්ගවල හා මාදිලිවල සුඛෝපභෝගී වාහන විකිණීම සඳහා බලශක්ති අමාත්‍යාංශය ටෙන්ඩර්පත් කැඳවා ඇත.
ඒ අනුව ලන්සු ඉදිරිපත් කරන සෑම වාහනයක් සඳහාම වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු අතර, ආපසු නොගෙවන රු.5000/= ක මුදලක් ගෙවා අංක 437, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි බලශක්ති අමාත්‍යංශයෙන් අදාළ අයදුම්පත් ලබාගත හැකිය. එලෙස ඇදුම්පත් ලබාගත් අයට ඉහත ලිපිනය සහ අංක 80, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,කොළඹ 07 ලිපිනයේදී එකී වාහන පරීක්ෂා කර බැලිය හැක.
තම තමන්ගේ මිල ගණන් දක්වා සම්පූර්ණ කරන ලද අයදුම්පත් ආපසු ගෙවනු ලබන රු.50 000/= ක ආරක්ෂක මුදල් තැන්පතුවක් සහිත රිසිට් පත ද සමඟ 2025.07.16 දින පෙ.ව. 10.00 ට පෙර අමාත්‍යංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලිය යුතු අතර වැඩි විස්තර දුරකථන අංක 0112574740 හා 0112574941 ඇමතීමෙන් හෝ http://energymin.gov.lk/ වෙබ් අඩවිය මගෙන් ලබාගත හැකි බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටියි. ටෙන්ඩර්පත් කැඳවා ඇති වාහන වර්ග අංක සහ නිෂ්පාදන වර්ෂය ඇතුළු විස්තර ද මේ සමග යොමු කොට ඇත.
වැඩිදුර විස්තර :http://energymin.gov.lk/