හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් රිමාන්ඩ්

Share

ඉකුත් රජය සමයේ සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු හෙට (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

 

මෙම නඩුව අද (16) ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටයේ, මෙහි පළමුවන සැකකාර හිටපු මන්ත්‍රීවරයා සතොස ආයතනය සඳහා කල් බදු පදනම යටතේ ලබාගත් වාහන තුනක් අවභාවිතයට ලක්කර තිබෙන බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

Read more

Local News