සියලු සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්

Share

සමාජ මාධ්‍යයන් හරහා ඇති විෂමචාරයන් ඇතැම් වේලාවට පාලනයක් තිබිය යුතු බවට මතයක් ගොඩ නැගී ඇති බවත් සියලු සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයින් ලියාපදිංචි විමේ වැඩපිළිවෙළක් සකස් කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කළේය.

 

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(20) දින මහනුවරදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ සදහා පිළිතුරු දෙමින්ය.

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ ”ස්වයං නියාමනයක් අපි උත්සාහ කරා. මම 2010 ඇමතිවරයා ඉදිද්දි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. දැන් ලබන සඳුදත් තියෙනවා, ඒ සම්බන්ධව තවත් සාකච්ඡාවක්. මම හිතනවා දැන් සාකච්ඡා අවසන් වෙලා ක්‍රියාත්මක කිරිමට කාලය එළැඹිලා තියෙනවා. අවශ්‍ය විදියට ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

Read more

Local News