ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත් කරයි

Share

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත් කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හෙබවූ මහාචාර්ය අති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිගේ අපවත් වීමෙන් පසු එම ධූරය පුරප්පාඩු විය.
ඒ අනුව ඉදිරි වසර 05ක කාලයක් පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙම ධූරයේ කටයුතු කිරීමට නියමිතය.

Read more

Local News