කොවිඩ් මර්දන දේශීය ඔසුව ලියාපදිංචි කෙරේ

Share

පසුගියදා වැඩ් කතා බහට ලක්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඔසුව සදහා මේ වන විට ආයුර්වේද කොමසාරිස්වරයා විසින් දේශීය ඖෂධයක් ලෙස ලියාපදිංචි කර තිබේ.

 

මේ අතර ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් මර්දනය සඳහා අත්හදා බැලුණු ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.

අද(22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

‍කොවිඩ් – 19 වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය පිළිබඳ අනුමැතිය ලබා දීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව ඊයේ (21) රැස්විය.

ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රධානත්වය දරණ සූත්‍ර කමිටුවේ ප්‍රධාන කාර්ය වන්නේ දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවසර ලබා දීම පිළිබඳ කටයුතු කිරීමය.

පසුගිය දිනවලදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේදී ඔවුන් ඉදිරියේ නිෂ්පාදනය කළ ඖෂධයේ සාම්පල වාර්තාව ද එහිදි ඉදිරිපත් වූ අතර මෙම ඖෂධය පිළිබඳව කරුණු රැසක් සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව එම ඖෂධයට නිෂ්පාදන බලය සඳහා අවසර ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තීරණය කර තිබේ.

එමෙන්ම, බටහිර වෛද්‍යවරුන් විසින් මෙම ඖෂධය භාවිතාව දැනට නීතිමය වශයෙන් අනුමත කොට නොමැති බවත්, පුද්ගලයින්ගේ ස්වාධීන කැමැත්තෙන් ඖෂධය ලබාගැනීම වැළක්විය නොහැකි බවත්, කෙසේවුව ද, දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස හඳුනාගෙන මෙම ඖෂධය සඳහා අනුමැතිය ලබා දී ඇති බවත් ඒ සදහා විරුද්ධ වීමේ හැකියාවක් රජයට නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

කෙසේවුවත්, ඖෂධ පැණිය අදාළ ආචාර ධර්ම කමිටුව මඟින් ද අනුමත කිරීමෙන් පසුව විද්‍යාත්මක පරීක්ෂණයකට යොමු කිරීමට ද බලාපොරොත්තු වන බව ද මෙහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදුව, බටහිර වෛද්‍ය විද්‍යාවය අනුව භාවිතා කිරීමේ දී මෙම ඖෂධය මඟින් රෝගය නිශ්චිතව සුව වන බවට නිශ්චිත පරික්ෂයක් සිදු කිරීම අවශ්‍ය වන බවත්, එකී පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය මූලික අනුමැතිය මේ වන විට ලබාගනිමින් සිටින බවත්, ඉන් අනතුරුව මෙම ඖෂධය බටහිර වෛද්‍ය විද්‍යානුකුල ව ද රෝගීන් සුවකළ හැකිවන බවට නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බවත්, එතෙක් සියලු දෙනා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව, මෙම ඖෂධය පිළිබඳව විස්තර හෙට දිනයේ දී (23) ආචාර ධර්ම කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

Read more

Local News