අබුඩාබි සුරක්ෂාගාරයේ රැදවියන් ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු

Share

විදෙස්ගතව සුරක්ෂාගාර නිවාසවල සිටින රැදවියන් හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අධිකරණ හා විදේශ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය නිලධාරීන්ට දන්වා තිබේ.

අබුඩාබි සංචාරයේ දී අමාත්‍යවරිය විසින් මෙම රැදවියන්ගේ ගැටළු සොයා බැලූ අතර එහිදී මෙම රැදවියන් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සදහා මැදිහත් වූවාය.

එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ, ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයක් ලෙස අවශ්‍ය උපරිම මැදිහත් වීම සිදු කරන බවත් ඒ සදහා අවශ්‍ය කරන ඕනෑම පහසුකමක් ලබා දීමට මැදිහත් වන බවත් ය.

ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේ නිවැරදි නීතිරීති අනුව විදෙස්ගත වන ලෙසත් සංචාරක වීසා මත රැකියාවක් සදහා විදෙස්ගත නොවන ලෙසත්, සංචාරක වීසා මත විදෙස්ගත වී රැකියාවක නිරත වීම නීත්‍යානුකූල නොවන බවත්, ව්‍යාජ තොරතුරු සපයමින් විදෙස්ගත නොවන ලෙස අමාත්‍යවරිය දන්වා සිටියාය.

අබුඩාබි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂාගාර නිවාසයේ දැනට ශ‍්‍රමිකයින් 8 දෙනෙකු සිටියි.

Read more

Local News