විදෙස්ගත ශ්‍රමිකයන්ට නිවේදනයක්

Share

රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරම්න් පවසයි.

 

ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාළ ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ http://www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් කම්ප්ලේන් මෙනුව හරහා යොමුකිරීමට හැකියාව පවති.

විදෙස්ගත ශ්‍රමිකයාගේ ගමන් බලපත්‍ර අංකය, නම, දුරකථන අංකය හා පැමිණිල්ල ඇතුළත් කිරීමෙන් එම සේවාව ලබා ගත හැකිය.

එම පැමිණිලි සඳහා අදාළ පැමිණිලිකරුට යොමු අංකයක් ඒ මොහොතේම තම ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මඟින් ලැබෙන අතර අනතුරුව පැමිණිල්ල කාර්යාංශයේ නියමිත අංශයට යොමු වු පසුව ඒ පිළිබඳව ද දන්වමින් නැවත ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙන බව වැඩ්දුරටත් අදාල නිවේදනයේ සදහන් වෙයි.

Read more

Local News