බදු සහයෝගීතාව පිළිබඳ පළමු ගෝලීය සමුළුවට මුදල් රාජ්‍ය අැමති සහභාගි වෙයි

Share

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා බදු සහයෝගීතාව සඳහා පවත්වන ලද පළමු ගෝලීය සමුළුව වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
2018 පෙබරවාරි මස 14 දා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී ආරම්භ වු මෙම සමුඵව 2018 පෙබරවාරි මස 16දින අවසන් විය.
මෙම සමුළුව ලෝක බැංකුව, අන්තර් ජාතික මුල්‍ය අරමුදල, ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය යන ආයතන ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
මෙම සමුළුවේ අරමුණ වුයේ තිරසාර සංවර්ධන ඉලක්ක සාත් සාත් කර ගැනීමට වඩාත් හිතකර වු බදු අයකරගැනීමේ ප්‍රයත්නයන් මත බදු පිළිබඳ ගෝලීය සංවාද හා අදහස් හුවමාරු කර ගැනීමයි.

Read more

Local News