කොරෝනා නව ප්‍රභේද මෙරටට ඇතුල් වීමේ අවදානමක් : වෛද්‍ය සුදත් සමරවීර

Share

මෙරට ජනතාව හැකි උපරිම අයුරින් නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

 

මේ අතර විදේශිකයින් හරහා රට ඇතුළට වෛරසයේ විවිධ ප්‍රභේද ඇතුළුවීමේ අවදානමක් පවතින බැවින් විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කළයුතු බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දී තිබේ.

මේ පිලිබද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ “ඒ සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් සංචාරක මණ්ඩලයත් එකතු වෙලා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා. ඒ මාර්ගෝපදේශවලට අනුගත වෙමින් එම කරුණු අකුරටම පිළිපැදීම ඉතාම වැදගත්,” බවයි.

අද (04) උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 403ක් හදුනාගෙන තිබේ.

ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ රෝගීන් 81කි.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 56ක් සහ ගම්පහින් රෝගීන් 30ක් ද අනෙක් 236 දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාරතා විය.

මෙරට වෙෙරසය අාසාදනය වූ රෝගින ගණන 41009ක් වන අතර ඉන් පුද්ගලයින් 34494ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මේ අතර මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 213ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 7309ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 10719ක් සිදු කර තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 79ක් තුළ පුද්ගලයින් 4580ක් නිරෝධායනය වෙම්න් සිටි.

Read more

Local News