අත්අඩංගුවට ගන්නා මත්කුඩු වලට ඉදිරියේදි කරන දේ

Share

මේ වන විට මෙරටින් බහුලව මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනු ලබන බව වාර්තා වෙයි.

 

මෙසේ අත්අඩංගුවට ගන්නා මත්කුඩු ජනතාව ඉදිරියේම විනාශ කිරීමට නව ක්‍රමවේදයක් සකසන බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

මේ පිළිබඳව නිතිපති දෙපාර්තමේන්තුව සමඟ කඩිනමින් සාකච්ජා කරන බවත් අත්අඩංගුවට ගන්නා මත්කුඩු පිටි බවට පත්වීමේ තත්ත්වයක් පවතින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසා සිටි අතර එවැනි තත්ත්වන් පාලනය කිරීම වෙනුවෙන් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මත්කුඩු සම්බන්ධ නඩු විභාග කර අවසන් කිරීම වෙනුවෙන් වැඩිකාලයක් ගත වන බවත් විමර්ශන අතරතුර මත්කුඩු අතුරුදන් වීම වැනි ක්‍රියා වර්තමානයේදී පාලනය වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් පැවසීය.

එමෙන්ම 2020 වසරේදී මත්කුඩු කිලෝග්‍රෑම් 2740 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශන පුළුල් කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසුවා

මත්කුඩු ජාවාරම්කරුවන්ට සහ භාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාතමක කරන බවද අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

Read more

Local News