යුද හමුදාව කෘෂිකර්ම හා පශු සම්පත් බලකායක් පිහිටුවයි

Share

යුද හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය නිල වශයෙන් අද (07) ආරම්භ කෙරුණී.

 

බත්තරමුල්ල,  පැලවත්ත යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව බලකාය ආරම්භ කිරීම සිදුවුණා. රටේ ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම හා ආහාරවලින් ස්වයංපෝෂිත කිරීම සදහා යුද හමුදාවේ දායකත්වය ලබාදීම අරමුණුකර ගනිමින් නව බලකාය පිහිටුවීම සිදුකර තිබේ.

යුද හමුදා කෘෂි හා පශු සම්පත් අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් කදනආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

දැනට යුද්ධ හමුදාව මගින් පවත්වා ගෙන යනු ලබන යුද්ධ හමුදා ගොවිපල

යුද්ධ හමුදා ගොවිපල කන්දකාඩු

යුද්ධ හමුදා ගොවිපල මැණික්ෆාම්

යුද්ධ හමුදා ගොවිපල වෙල්ලකුලම්

යුද්ධ හමුදා ගොවිපල ගල්කන්ද

යුද්ධ හමුදා ගොවිපලයාල් පලටුපාන

යුද්ධ හමුදා ගොවිපල අඩ්යාපුලියන්කුලම්

යුද්ධ හමුදා ගොවිපල බලල්ල

යුද්ධ හමුදා ගොවිපල නිරාච්ය

දැනට කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති

තුරු මිතුරු රටක් ව්‍යාපෘතිය යටතේ සහල් නිෂ්පාදන වැඩසටහන

අක්කර 1000කින් යුත් පොල් වගා කිරිමේ ව්‍යාපෘතිය

අක්කර 500කින් යුත් TEJC අඹ ව්‍යාපෘතිය

අක්කර 2000 කජු වගා ව්‍යාපෘතිය

අක්කර 200කින් යුුතු මිරිස් වගා ව්‍යාපෘතිය

ගවපාලනය

ලේයර් සතුන් 10000කින් යුත් බිත්තර නිෂ්පාදන ව්‍යාපෘතිය

දේශිය කැලැ සලාක මළු නිෂ්පාදනය

කහපැල 100000ක් වගා කිරිමේ බීජ කහ නිෂ්පාදන ව්‍යාපෘතිය

ලුණු නිෂ්පාදන ව්‍යාපෘතිය

ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය සහ යුද්ධ හමුදාව ඒකාබද්ධ කෘෂිකර්ම ව්‍යාපෘතිය

කොම්පොස්ටි නිෂ්පාදන

තක්ක්ාලි සෝස් නිෂ්පාදන ව්‍යාපෘතිය

තේ කර්මාන්ත ශාලාවක් පිහිටු විම

අනාගත සැලැසුම්

කෘෂී සම්පත් මධ්‍යස්ථාන පිහිටුවිම

ශිතාගාර පහසුකම් පිහිටුවිම

මිරිදිය මත්ස්‍ය ව්‍යාපාර දියුණු කිරිම

ත්‍රිවිධ හමුදා කෘෂිකර්ම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවිම

 

 

Read more

Local News