මුඛ ආවරණ රහිතව සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා

Share

ඊයේ (05) දිනයේ බස්නාහිර පළාත තුළ පොදු ස්ථානවල දී  මුඛ ආවරණ නොපැළඳ සිටි සහ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට පියවර නොගත් 523ක් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

ඉන් 252ක් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇති අතර එමගින්  ආසාදිතයින් දෙදෙනා හඳුනාගෙන තිබේ.

තවත් 271 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිතය. පසුගියදා බස්නාහිර පළාතේ ඒ ආකාරයෙන් 510 කු සම්බන්ධයෙන්  PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල ද ලැබීමට නියමිතය.

මෙම මෙහෙයුම් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News