විසල් දඹුල්ල පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට පියවර

Share

විසල් දඹුල්ල පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගැනේ. මෙම ව්‍යාපාතියේ නිර්මාණ කටයුතු ලබන මාසය ඇතුළත අවසන් කිරීමට පියවර ගැනීමේ සාකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ දී පවත්වන ලදී. දඹුල්ල ප්‍රදේශියේ ජනතාවගේ ඉල්ලීම මත නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි, අමාත්‍යංශයේ ලේකම්, හපුආරච්චි මහතාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාව පැවැත්විණි.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය, ඉදීකිරීම් කටයුතු සඳහා කටයුතු කරන වාටෙක් සමාගම සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළත් මෙහෙයුම් යාන්ත්‍රණයක් ඇතිකර කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.

දිනකට ඝන මීටර 65000 ධාරිතාවයකින් යුත් තුමුළුව, දිනකට ඝන මීටර 32000 කින් යුත් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල පවිත්‍රාගාරය, සේවා ජලාශ 07ක් හා ජල කුළුණු 02 ක් පොම්පාගාර 02 ක් කි.මී 72 ක සම්ප්‍රේශණ නල මාර්ග හරහා ජලය පොම්ප කර කි.මී 220 ක බෙදා හැරීමේ පද්ධතියකින් සමන්විතව විසල් දඹුල්ල අදියර 1 ඉන්දියානු එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකා මහජන බැංකුවේ රුපියල් මිලියන 10,000ක ආධාර යටතේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

දඹුල්ල, සීගිරිය හා ඉනාමළුව ප්‍රදේශ ආවරණය කරමින් එම ප්‍රදේශයන්ට අදාළ බෙදාහැරීමේ නල මාර්ග පද්ධති 2017 අගෝස්තු මස 30 දින අවසන් කර, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ක්‍රියාත්මක හා නඩත්තු අංශය මගින් නව ජල සම්බන්ධතා 500 ක් පමණ මේ වන විට ලබා දී ඇත.

 

Read more

Local News