දකුණු ආසියාවේ විශාලතම මත් පෙති තොගය ශ්‍රී ලංකා රේගු භාරයට

Share

බෙල්ජියමේ සිට කොළඹ 05 ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ බළලුන් සදහා ලබා දෙන ආහාර පැකට් තුල සදගවා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් 3ක් තුළ “එක්ටසි” Ecstacy වර්ගයට අයත් මත් පෙති කිලෝ 09ක් සොයා ගනු ලැබිණි.

 

එම පාර්සල් තුළ චොකලට් හා වෙනත් ආහාර කිහිපයක් ද අඩංගුව තිබුණි.

දකුණු ආසියාවේ මෙතෙක් සොයාගත් විශාලතම මත්පෙති තොගය , ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සොයාගෙන තිබේ.

මධ්‍ය තැපැල් හුවමාරුව ට ලැබී තිබුන පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් කර තිබූ විමර්ශනයක දී, මෙම මත්පෙති තොගය හමුවූ වි තිබේ.

මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 13 ඉක්මවන බවද ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

මේ සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමට තැත් කළ වෙනත් පැකට් 08ක තිබි “කාත්” නැමැති දුම්කොළ තොගයක් ද රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

No description available.

No description available.

Read more

Local News